ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට FIFA තහනමක්

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කරනු ලැබ තිබේ.එම තහනම ජනවාරි මස 21 වන දා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක ය.ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම පිළිබඳ ලිපියක් මගින් දන්වා ඇත්තේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහලේකම් උපාලි හේවගේ වෙත ය.පසුගිය ජනවාරි මස 14 වන දා පැවැත්වූ නිලවරණයකින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කෙරුණ ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය එම නව නිලධාරී මණ්ඩලය පිළිනොගන්නා බැවින් හිටපු මහ ලේකම්වරයාගේ නමට තහනම් කිරීමේ ලිපිය යොමුකර තිබේ.පසුගිය දා පැවැත්වූ නිලවරණයේදී තුන්වන පාර්ශවයක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම, ක්‍රීඩා අමාත්‍යංශය පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමග මීට පෙර එකඟ වූ මාර්ග සිතියමට අනුව ක්‍රියා නොකිරීම යන කරුණු මත මෙම තහනම පනවා ඇති බව සඳහන් ය.එම තහනමට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයෙකුට, පුහුණුකරුවෙකුට හෝ නිලධාරියෙකුට මෙන් ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිදු තරගාවලියකට සහභාගි වීමට නොහැකිවනු ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විදුලි කප්පාදුවට අවසර නැහැ . . .

Thu Jan 26 , 2023
අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව එම දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි කප්පාදු සඳහා අවසර නොදෙන බව කොමිසම සඳහන් කළේය. මෙම දිනවල උසස් පෙල විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අඛණ්ඩව විදුලිය ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x