වැලිමඩ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් . . .

රෙදිපිළි වෙළඳසැලක ගින්නකින් අදාල වෙළඳසැලේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී යෑමේ පුවතක් වාර්තා වනවා. ඒ, අද(14) උදෑසන 7.45 ට පමණ වැලිමඩ නගරයේ රෙදිපිළි වෙළද සැලක ඇති වු ගින්නක් හේතුවෙනි.

මෙම තෙමහල් රෙදි පිළි වෙලද සැල මෙසේ ගින්නට හසුව විනාශ වි ඇති අතර ගින්නෙන් රෙදි පිලි හා වෙනත් දේපල විනාශයට පත්වී ඇති අතර විනාශයේ වටිනාකම රුපියල් කෝටි ගණනක් වනු ඇතැයි වාර්තා වෙයි.

මෙම ගින්න නිවා දැමීමට වැලිමඩ පොලිසිය හා ප්‍රදේශවාසින් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බව වාර්තා වනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.

එම වීඩියෝව පහතින් නරඹන්න..

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබයි . . .

Fri Apr 14 , 2023
ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් ටොරින්ටන්හි පිහිටි රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබා තිබේ. එනම් පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ සඳහා ස්ථාවරණකරණ කමිටුවක් පත්කිරීමත් සමඟය. රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x