බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ  නැවත වතාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා සාකච්ඡාවක් එම පක්ෂය තුළ සිදුව ඇති බව මෙරට ප්‍රධාන ගුවන් විදුලිය නාලිකාවක් වාර්තා කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් සිදුකර ඇති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ එසේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම හෝ විසිඑක් වන සංශෝධනයට නැවතත් සංශෝධනයක් ගෙන ඒම හෝ සිදු කළ යුතුව ඇති බවයි.

ජාතික ලැයිස්තුවෙන් පත් ව සිටින පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බැසිල් රාජපක්ෂ ට ඉඩ ලබාදීම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටද ඔවුන් සාකච්ඡා වී ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මවුපියෝ මානව හිමිකම් කොමිසමට . . .

Thu Apr 20 , 2023
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (20)පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. රජය සහ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සාකච්ඡා  මාර්ගයෙන් විසඳුමකට පැමිණ දින දහයක් ඇතුළත විසඳුමක් දුන්නේ නැතිනම් සමස්ත ලංකාවේම මා පියන් ලෙස එකතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x