ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් ප්‍රකාශ කර ඇත. මෙම යුවළ යුරෝ 30000 ත් 50000 ත් (ශ්‍රී ලංකා රුපියල් 10543312 – 17572187) අතර මුදලක් එක් ළමයෙක් සඳහා අය […]

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර නොබැලීමෙන් අසාධාරණයක් සිදුවන බව පවසමින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ගේ මවුපියෝ පිරිසක්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (20)පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. රජය සහ විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සාකච්ඡා  මාර්ගයෙන් විසඳුමකට පැමිණ දින දහයක් ඇතුළත විසඳුමක් දුන්නේ නැතිනම් සමස්ත ලංකාවේම මා පියන් ලෙස එකතු […]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ  නැවත වතාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා සාකච්ඡාවක් එම පක්ෂය තුළ සිදුව ඇති බව මෙරට ප්‍රධාන ගුවන් විදුලිය නාලිකාවක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් සිදුකර ඇති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ එසේ බැසිල් රාජපක්ෂ […]

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය. මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක […]

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි […]

පානදුර කොට්ඨාසයේ පිහිටි පොලිස් වසම් තුනක ආරක්ෂාව තරකර තිබෙනවා. ලද තොරතුරකට අනුව මෙලෙස ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ. පානදුර පොලිස් වසමේ පිහිටා ඇති මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි […]

‘අවුරුදු තුනකට පස්සේ අවුරුදු කන්න පුලුවන්කම ලැබුණා. මිනිස්සු ගම් බිම්වලට ගියා. සංචාරකයෝ ලංකාවට ආවා. අවුරුදු උත්සව නැවත පටන් ගත්තා. ලංකා බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රවලින් විතරක් රුපියල් බිලියන 45ක් අවුරුදු සුමානයේදී විතරක් අරගෙන තිබුණා’ යයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය. මිනිස්සු ජීවත් කරවීමට, සිස්ටම් එක චේන්ජ් කිරීමට කලබලයක් තිබූ […]

සැදැහැවතකු පූජා කළ ඇත් දළ යුගලයක් ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කළ බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි. මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ […]

සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) දින අභාවප්‍රාප්ත වී තිබෙනවා. බිඳුණු හදවත්, පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.