අතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් නිවේදනයක් . . .

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය. මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් බවද එම නිවේදනය සඳහන් ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ අතර එම සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

එම විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහායද අඛණ්ඩව ලබා දෙමින් සිටින බව මහ බැංකුව පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් රාජපක්ෂ යළි පාර්ලිමේන්තුවට . . .

Thu Apr 20 , 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්ෂ  නැවත වතාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා සාකච්ඡාවක් එම පක්ෂය තුළ සිදුව ඇති බව මෙරට ප්‍රධාන ගුවන් විදුලිය නාලිකාවක් වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයන් පිරිසක් සිදුකර ඇති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත්තේ එසේ බැසිල් රාජපක්ෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x