පුංචි ඡන්දයට කලින් ජනාධිපතිවරණය . . .

මැතිවරණ සිතියම අනුව මීළඟට මුලින්ම එනු ඇත්තේ පුංචි ඡන්දයයි. ලබන වසරේ මාර්තු වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය ඉල්ලන්නේ කඩිනමින් මහ මැතිවරණයකි.

කෙසේ නමුදු මේ වන විට පළාත් පාලන ආයතන බොහෝමයක බලය ඇත්තේ පොදුජන පෙරමුණටය. එහෙත් පසුගිය වසර දෙකහමාර තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ‘ගමට සෙත’ සැලසීමට නොහැකි වීම හේතුවෙන් පුංචි සභාවල මන්ත්‍රිවරු මැතිවරණය ප්‍රතික්ෂේප කරති. ‘‘අපට ගමට යන්න බැහැ. ඡන්දය ඉල්ලන්න බැහැ.’’ මන්ත්‍රිවරු කියති. එම මන්ත්‍රිවරු සිය ගැටලුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා නායකත්වය දෙන නිදහස ජනතා සභාවටද ඉදිරිපත් කර තිබුණි.

පුංචි ඡන්දයද ජනපතිවරණයද

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අසාර්ථක වීම, විපක්ෂයට පොදු අපේක්ෂකයකු සොයා ගෙන සන්ධානගත වීමට කාලයක් නොමැති වීම යන කරුණු මත ජනාධිපතිවරණයක් කැඳවා බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෙම සතියේ දී සිය හිතවතුන් පිරිසකට අදහස් දක්වා තිබිණි. හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයද වත්මන් ජනාධිපතිවරයාට දීමටද අවධානය යොමු වී ඇති බව සඳහන්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බන්දුල ගුණවර්ධනට හදිසි සැත්කමක් . . .

Sun Nov 6 , 2022
අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉන්දියාවේ සිදුකල සංචාරයක් අතරතුරදී හදිසියේ අසනීප වී රෝහල් ගත කර තිබේ. එහිදී අමාත්‍යරයා කඩිනමින් සැත්කමකට භාජනය කර ඇති අතර සති දෙකක පමණ විවේකයක් ලබා ගත යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x