සමලිංගික නීතියට ජනමත විමසීමක් ඉල්ලයි . . .

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දර්ශන වේරදූවගේ  අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටියා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත තුළින් සමලිංගික කටයුතු නීතිවිරෝධී නොවන බව සඳහන් කරමින් වගන්තියක් ඇතුළත් කර තිබෙන බව පෙන්වා දුන්නා.

මෙම පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12 (1) විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එබැවින් මෙම පනත් කෙටුම්පත ජනතාවගේ අනුමැතිය සඳහා අනිවාර්යයෙන් ම යොමු කළ යුතු බවත් නීතිඥවරයා සඳහන් කළා. වැඩිදුර පෙත්සම් විභාගය හෙට (21) දින තෙක් කල් තැබුණා.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අතුරුදන් වූ ලක්ෂ 50 ගැන මහ බැංකුවෙන් නිවේදනයක් . . .

Thu Apr 20 , 2023
පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය. මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x