පොහොට්ටුවේ නව සභාපති ධූරය උතුරාවල ධම්මරතන හිමිට . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි පත් කර තිබේ. 2023 මහා සභා රැස්වීම එම පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැත්වුණි. එහිදී නව නිලධාරින් පත් කර ගැනීම සිදු විය.
මහසභා රැස්වීමේදී උන්වහන්සේ සභාපති ධුරයට ඒකමතිකව පත් කර ගැනුණි. ඒ අනුව මහාචාර්ය ජී එල් පීරිස් වෙනුවට සභාපතිවරයා ලෙස පූජ්‍ය උතුරාවල ධම්මරතන ස්වමීන්වහන්සේ පත් කර ගෙන ඇත.
මහසභා රැස්වීම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරායේ සිටි දැවැන්ත කිඹුලා . . .

Sat Apr 22 , 2023
ඊයේ (22) උදෑසන, කොළඹ වරාය ආශ්‍රිත මුහුදේ රැඳී සිටි කිඹුලෙකු වරාය අධිකාරියේ සේවකයින් විසින් අල්ලා ගනු ලැබිණ. ඒ වරාය අධිකාරියේ බණ්ඩාරනායක පාලම සහ හර්තාල් පාලම අසළ මුහුදේ සිටිය දී ය. කෙසේවෙතත්, වරාය අධිකාරියේ කම්කරුවන් විසින් යොදා තිබූ දැළකට මෙම කිඹුලා හසු වී ඇති අතර වරාය අධිකාරියේ සේවකයින් විසින් කිඹුලා දැළත් සමඟ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x