ජනාධිපතිවරයා රට වෙන්දේසි ලන්තයක් කරලා . . .

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය රට වෙන්දේසි ලන්තයක් බවට පත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  කොළඹදී  පැවසීය.

රජයේ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ලෝකයේ ධන කුවේරයන්ට රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ වෙන්දේසියක් ක්‍රියාත්මක බවත් ලාභ ලබන ආයතන පවා විකුණා දමමින්  දුටු දුටු දේ නියැලෙන ප්‍රතිපත්තියක රජය  නිරතව ඇති බවත්  විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී  අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

පාඩු ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමටත් නව මොඩලයක් අවශ්‍ය වුවත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් විපක්ෂ නායකවරයා කීවේය.

රාජ්‍ය සම්පත් විකුණා දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් අයි. එම්. එෆ්. ගිවිසුම රටට හිතකර ලෙස සකස් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

  • නිමල කොඩිතුවක්කු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දූපතක් විකිණීමට තිබේ . . .

Sun Apr 23 , 2023
ස්කොට්ලන්තයේ දකුණු වෙරළ තීරයේ පිහිටි දූපතක් අමෙරිකානු ඩොලර් 190,000 කට අලෙවි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එය ජනාවාස රහිත දූපතක් වන අතර ශීත ඍතුවේ දී පශු සම්පත් සහ අනෙකුත් විශේෂ සඳහා ජලය සපයන පොකුණකින් සමන්විතයි. අක්කර 25 ක පමණ විශාලත්වයකින් යුත් එම දූපත, මුහුද දක්වා විහිදෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x