උතුරු නැගෙනහිර හර්තාල් . . .

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල කැඳවා ඇති හර්තාල් ව්‍යාපාරය මේ වන විට ක්‍රියාත්මක වේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය කැඳවනු ලැබීය.

ඒ අනුව අද (25) උදෑසන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව ද වාර්තා විය. පාසල්වලට සිසුන් පැමිණීම ඉතා අවම මට්ටමක පවතින අතර ඇතැම් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ද වාර්තා වේ.

නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇතත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෝ වෙනත් සේවා අවශ්‍යතා සඳහා ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව සඳහන් වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස්පතිට උසාවි නියෝග . . .

Tue Apr 25 , 2023
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ පොලිස් විමර්ශන කටයුත්තකට අනීතික බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තොරතුරු පිළිබඳ කරුණු දැක්වීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන මැයි 15 වැනිදා පෙනී සිටින ලෙසට පොලිස්පතිවරයාට සහ කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ගාල්ල මහෙස්ත්‍රාත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x