බණ්ඩාරගමදි සිදුවූ රන් කාසි සොරකම . . .

බණ්ඩාරගම අඳුන්වන්න ප්‍රදේශයේ නිවසක තිබූ ඔස්ට්‍රියන්  ජාතිකයෙකුට අයත් බව කියන රුපියල් ලක්ෂ හැට හයකට අධික වටිනාකමින් යුත් පවුම් තිස් අටක් බරැති (311g) එළිසබත් රැජිනගේ රුව සහිත ඔස්ට්‍රේලියානු ඩොලර් දහසේ රන් කාසියක් සොරා ගත් තිදෙනෙකු බණ්ඩාරගම පොලීසිය මගින් අද (10)උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පිළියන්දල සූරියවැව පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල කාන්තාවක් ඔස්ට්‍රියන් ජාතික අයෙකු සමග විවාහ වී ඇති අතර ඔවුන් නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එම අවස්ථාවේදී රන් කාසිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තමන් පදිංචිව සිටින නිවසේ ඥාති සහෝදරිය සහ දියණියට එය ප්‍රවේශම් කර ගැනීම සදහා ලබාදී තබා ඇත.

මීට මාසයකට පමණ පෙර දී ද මෙම යුවළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එම කාලය අතරතුර මෙම සොරකම සිදුව ඇති බව ඥාති සහෝදරිය පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසියට නිවසේ සිටින වයස අවුරුදු දහසයක් වන ඥාති දියණිය සම්බන්ධයෙන් පරීක්ෂණ කර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ ඥාති දියණිය රැගෙන ඇයගේ හිතවතුන් බව කියන පිරිසක් මීට දින කිහිපයකට පෙර මාතර පොල්හේන චාරිකාවක් ගොස් හෝටලයක දින තුනක් රැඳී සිට ඇති අතර එහි බිල ගෙවා ගැනීමට නොහැකිව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉතා සූක්ෂම ලෙස එම වයස අවුරුදු 16 දැරියගෙන් මෙම කාසිය පිළිබඳ තොරතුරු ලබාගෙන හදිසියේ ⁣රාත්‍රි කාලයේ සූක්ෂම ලෙස නිවසේ සිටි දියණියගේ මව සහ විදෙස්ගතව සිට පැමිණි කාන්තාව රවටා පොල්හේන ප්‍රදේශයට ගෙන්වාගෙන ඒ අතරතුර කාලයේදි පිළියන්දල ප්‍රදේශයේ හෙරොයින් අලෙවි කරන පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වී නිවෙසට ඇතුළු වී කාසිය සොරාගෙන ඇති බවට පොලිසියට අනාවරණය වී ඇත.

පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකරුවන් නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට පොලිසියට අනාවරණ වී ඇති අතර රන් කාසිය පිළියන්දල ප්‍රදේශයේ සැකකරුවෙකු ළඟ තිබී සොයාගෙන ඇත.

  • නයනදුල සෙන්දනායක – හොරණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 16 රන් ජෙල් තොගය රේගු බාරයට . . .

Tue Jul 11 , 2023
රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක වටිනා රත්තරන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට සූදානම් වූ ව්‍යාපාරිකයන් පස් දෙනකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි . කටුනායක ගුවන් තොටුපොළ අශ්‍රිතව සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදු කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x