විදෙස් රැකියා සඳහා යන මව්වරුන්ට නිවේදනයක් . . .

වයස අවුරුදු දෙක නොඉක්ම වූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගතවීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. ඒ විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීම සඳහා ය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව පසුගිය වසරේ චක්‍රලේඛයක් නිකුත් කෙරිණ. එය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් පසුගිය මාර්තු මස 31 වනදා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කළේ ය.

කෙසේවෙතත්, ඒ අනුව වයස අවුරුදු 45 නොඉක්ම වූ රැකියා සඳහා විදේශ ගතවන සියලු කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබීමට අදාළ වාර්තාව සම්පූර්ණ කළ යුතු වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ටැන්සානියාවේ සිට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මියයයි . . .

Wed Apr 26 , 2023
ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකාවට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු බේරුවල පදිංචිකරුවෙක් වන අතර මැණික් කර්මාන්තය සඳහා ගොස් නැවත ලංකාවට පැමිණි අයෙක් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි කියා සිටියේ. මියගිය පුද්ගලයා උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x