විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් පවතින සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ කරන බවයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍ය වැසියන් Khartoum අගනුවර අසළ පිහිටි ගුවන් තොටුපළක් වෙත ගොස් සයිප්‍රසය හරහා නැවත එක්සත් රාජධානියට යාමට උත්සාහ කරන බවයි. එමෙන්ම, පුද්ගලයන් 230-240ක් පමණ පිරිසක් සුඩානයෙන් පිටත්වීමට නියමිත […]

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ආයෝජනය කිරීමේ සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (26) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන , “දුම්රිය ආදායම වැඩිකිරීම සඳහා දුම්රිය සතුව පවතින විශාල වත්කම් දේපළ ප්‍රමාණයක් තියෙනවා. අක්කර 14,000ක් […]

ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකාවට ආ පුද්ගලයෙකු මැලේරියාවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඔහු බේරුවල පදිංචිකරුවෙක් වන අතර මැණික් කර්මාන්තය සඳහා ගොස් නැවත ලංකාවට පැමිණි අයෙක් බවයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ පුබුදු චූලසිරි කියා සිටියේ. මියගිය පුද්ගලයා උණ රෝග ලක්‍ෂණ ඇති වී ප්‍රතිකාර ලබාගෙන ඇතත් මැලේරියා පවතින රටක […]

වයස අවුරුදු දෙක නොඉක්ම වූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගතවීමට අවසරය හිමි නොවන නව චක්‍රලේඛය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. ඒ විදේශගතවන කාන්තාවන්ගේ දරුවන්ගේ රැකවරණය සුරක්ෂිත කිරීම සඳහා ය. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව පසුගිය වසරේ චක්‍රලේඛයක් […]

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන , එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට […]

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කරන්නේ, උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ආරම්භ නොකිරීම මහත් ඛේදවාචකයක් බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ, විශ්ව විද්‍යාල ආචාර්‍යවරු ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ගන්නා පිරිසක් බව මෙන්ම ඔවුන්ට මේ රටෙහි දියුණුව පිළිබඳ හැගීමක් නොමැති බවත් ඒ පිළිබඳ තැකීමක් නොකරන […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 […]

දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ  සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැවසීය. රෝහලේ තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකම මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබෙන අතර ඉන් එකක් පමණක් ඊයේ වන […]

ස්ථාන මාරු කිරීම පිළිබද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ කිසිදු බලයක් නොමැති බවට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක වෙත දැනුම් දී තිබෙනවා. ලිපියක් මඟින් ඔහු ඒ බව දන්වා ඇති අතර අදාල නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති […]

සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු අද (අප්‍රේල් 26) උදෑසන වන විට ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇති බව විදේශ කටයුතු කටයුතු අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, සෞදි රජයේ සහය ඇතිව 13 දෙනා සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ගොස් ඇති බව ය. ශ්‍රී ලංකාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.