සටන් විරාමයේදී දහස් ගණන් ජනතාව රටෙන් පිටව යාමට උත්සාහ කරයි . . .

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් පවතින සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ කරන බවයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ, බ්‍රිතාන්‍ය වැසියන් Khartoum අගනුවර අසළ පිහිටි ගුවන් තොටුපළක් වෙත ගොස් සයිප්‍රසය හරහා නැවත එක්සත් රාජධානියට යාමට උත්සාහ කරන බවයි.

එමෙන්ම, පුද්ගලයන් 230-240ක් පමණ පිරිසක් සුඩානයෙන් පිටත්වීමට නියමිත ගුවන් යානාවලට රැස්වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නෞකාවකින් රටවල් 50ක පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසක් මීට පෙර රතු මුහුද හරහා ජෙඩා වරායට පැමිණි බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා අසල්වැසි ඊජිප්තුව, ඉතියෝපියාව සහ දකුණු සුඩානය වෙත ළඟා වීමට සුඩාන ජාතිකයන් දස දහස් ගණනක් දිගටම උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Khartoum අගනුවර රැඳී සිටින අය නිවාසවල නැවතී සිටින නමුත් ඔවුන්ට අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් සැපයුම් අවසන් වෙමින් පවතින බවයි වාර්තා වී තිබෙන්නේ.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කිසිදු තොරතුරක් නැති "චාමර ගුණසේකර" . . .

Thu Apr 27 , 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 වැනිදා) වනතුරුත් සමත් වී නැත. එමෙන්ම මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x