අමරණීය රණවිරුවන් දෙදෙනකුගේ බිරින්දෑවරුනට උපහාර . . .

දේශප්‍රේමිත්වයෙන් යුත් යුද හමුදා ප්‍රවීනයන් ලෙස ජාතියේ ප්‍රසංශාවල හා ගෞරවාදරයට පාත්‍ර වූ අමරණීය රණවිරුවන් වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න රණවිරුවාන්ගේ බිරින්දෑවරුනට ගෞරව බුහුමන් දැක්වීමේ අවස්ථාවක් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

යුද හමුදාපත් ලුතිනන් ජෙනරාල්  විකුම් ලියනගේ ගේ මූලිකත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ලලී කොබ්බෑකඩුව සහ මානෙල් විමලරත්න යන මහත්මීහු සහභාගී වූහ. යුද හමුදාවේ ආරාධනාව පිළිගෙන යුද හමුදා මුලස්ථාන පරිශ්‍රය වෙත පැමිණ ලලී කොම්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න යන මහත්මීන් යුද හමුදාපතිවරයා දෙපා නැමැද පිළිගත්තේය. යුද හමුදා ඉතිහාසය‍ෙ හමුදාපතිවරයකු ගෞරව බුහුමන් පුද කළ ප්‍රථම අවස්ථාව මෙය බව හමුදා හමුදාව පවසයි.

යුද හමුදාධිපති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවයට යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ  ද සහභාගී වූවාය.

යුද හමුදා සේවා වනිතා ඒකක සංවිධානය කර තිබු, අවශ්‍යතා සහිත යුද හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත ජුකී යන්ත්‍ර සහ පාසල් ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් වෙනුවෙන් ද ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ මානෙල් විමලරත්න මහත්මිය වෙත ආරාධනා කරනු ලැබිණි.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රභාත් ජයසූරියගෙන් ලෝක වාර්තාවක් . . .

Fri Apr 28 , 2023
අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට අද (28) පෙරවරුවේ සමත් විය. ප්‍රභාත් ජයසූරිය වසර 71 ක් පැරණි වාර්තාවක් බිඳදැමීම මෙහිදී කැපී පෙනේ. ප්‍රභාත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x