ජනකගේ පෙත්සම් සඳහා නීතිපතිගෙන් විරෝධතා . . .

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබේ.

මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම් අද (19) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නම්කර නොමැති බව සඳහන් කළාය.

එමෙන්ම එහි වගඋත්තරකරුවකු ලෙස බලශක්ති විෂය භාර අමාත්‍යවරයාව නම්කර නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආනයනික ආහාර වර්ග කිහිපයක් ගැන තීරණයක් . . .

Wed Jul 19 , 2023
මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බව එම දෙපාර්තමේන්තුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x