ආනයනික ආහාර වර්ග කිහිපයක් ගැන තීරණයක් . . .

මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට ගත් පියවරත් සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝගවලින් මේ වනවිට රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් වන අතර පසුගිය මහ කන්නය මෙම යල කන්නයේ අස්වැන්න සමග සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 27ක් නිපදවා ගැනීමට හැකිව ඇති බව සඳහන්ය.

වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වන අතර මෙම වසර තුළ මුං ඇට මෙට්‍රික් ටොන් 13,439ක අස්වැන්නක් ලැබී තිබේ.

එමෙන්ම කව්පි වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර මෙම වසර තුළ මෙරට කව්පි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13,740ක් වේ.

මෙරට වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000ක් වුවද මේ වසර තුළ උඳු අස්වැන්න මෙට්‍රික් ටොන් 17,866ක් ලැබී ඇති බව සඳහන්ය.

වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 35,000ක් වන අතර මෙම වසර තුළ මේ වනවිට රටකජු අස්වැන්න මෙට්‍රික් ටොන් 36,498ක් ලැබී තිබේ.

මෙරට වාර්ෂික කුරක්කන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 10,000ක් වන අතර මෙම වසර තුළ එහි අස්වැන්න මෙට්‍රික් ටොන් 6408ක් බව සඳහන්ය.

ඒ අනුව රට මේ වන විට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු හා රටකජුවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත්ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මෙම වසර තුළ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මම රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නෙවෙයි . . .

Wed Jul 19 , 2023
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බව ජනාධිපතිවරයා ඊයේ (ජූලි 18) පැවසීය. උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳ ම යෝජනාවලිය තමා මේ වන විට ත් ඉදිරිපත් කර ඇති බව ත්, එය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x