කෝච්චි ටිකට් වැඩි කලේ සේවක වැටුප් ගෙවන්න – බන්දුල කියයි

දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩි කිරීමට පියවර ගත්තේ දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා පසුගිය වසරේ දී රුපියල් කෝටි හත්සියයක් වැය කර තිබෙන නිසා බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (22 වැනිදා) පැවසීය.

ඒ වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් ගෙවා තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයට එක් වෙමිනි.

‘‘දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන දෙකයි දශම හයයි. සේවක අතිකාල සඳහා පමණක් රුපියල් බිලියන දෙකයි දශම තුනයි. වැටුප් සඳහා බිලියන හතයි. මේ ආකාරයට ආයතනයක් පවත්වගෙන යන්න පුළුවන්ද? කරන්න බැහැ. ඒ නිසයි ගාස්තු වැඩි කරන්න කටයුතු කළේ. ආදායමට සරිලන ලෙස වියදම කළමනාකරණය නොකළොත් ඛේදවාචකයක් වෙනවා. රජයේ සමස්ත බදු ආදායමෙන් සියයට අසූ හයක් සේවක වැටුප් වශයෙන් ගෙවන එකම රට ශ්‍රී ලංකාවයි’’ යනුවෙන්ද ඇමැතිවරයා සඳහන් කළේය.

නිලන්ත මදුරාවල

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට අවසර . . .

Fri Sep 23 , 2022
සාරි ඇතුළු ඇඳුම් වල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීම අවසර දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය ලබන සදුදා දිනයේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම චක්‍රලේඛය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x