බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ඊට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තා වල පිටපත් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද […]

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීම සඳහා ඉන්දියානු සමාගමක් වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළේය. නුවරඑළිය ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන කහදගමගේ පියසේන විසින් […]

2022 වසරේ අප්‍රේල් මස 01 වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කොට සමාජ මාධ්‍ය තහනම පනවමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර සිටින එවක ජනාධිපති […]

ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් ට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ චෝදනා ගොනු කර තිබෙනවා. ඒ නිමි ඇඳුම් ගණුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනයක් අනුව නීතිපතිවරයා මෙම නඩුව […]

නීතිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරන ලද බොර තෙල් නැවක් එම නියෝග නොතකමින් නැවතත් මෙරටට පැමිණීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි. එළඹෙන දෙසැම්බර් මාසයේදී ඒ හරහා බොරතෙල් ගොඩබෑමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබියදී නීතිපතිවරයා විසින් එම නැව මෙරටට ඇතුළුවීම තහනම් කර ඇති අතර ඒ […]

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. අදාළ චෝදනාවලින් පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල […]

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබේ. මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර […]

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයන් පැවරූ නඩු වලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේන ගොනු කළ රිට් පෙත්සම කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය රුපියල් 21,000/= ක නඩු ගාස්තුවකට යටත්ව  නිශ්ප‍්‍රභ කළේය. පාස්කු ඉරුදින ත‍්‍රස්ත […]

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු මුදල් අමති කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කර තිබූ නඩු දෙක තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් අද තින්දු කර ඇත. මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් රවි කරුණානායක විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක […]

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට  වන්දි  ගෙවීමට රජය කටයුතු කරමින් සිටින හෙයින්  රජයට එරෙහිව පවරා ඇති නඩු 107 නිෂ්ප්‍රභා කරන්නයි නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂ ද සිල්වා මහත්මියගෙන් අද 13 ඉල්ලා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2019 අප්‍රේල් මස 22වෙනි දින ඉදිරිපත් කළ 2019 /04 දරණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.