පොලිස්පති ධුරයට ලොකු පොරයක් . . .

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර  සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත්තේ පොලිස්පති  චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ජුනි 26 වැනිදා  අවසන්වීමට නියමිත නිසා බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා  දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට  ඇත. එසේ සහය ලබාගැනීමට උත්සාහ දරන පිරිසට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද  සිටින බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින්  ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක්  ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට  ඉදිරිපත් කරනු ලැබේ. ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම  ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රකාශකයකුගෙන් කළ  කරුණු විමසීමකදී ඔහු පැවසුවේ  පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගෙන්  නමක් හෝ නම්  තවමත් ලැබී නොමැති බවයි.

පොලිස්පති ධුරය සඳහා සුදුස්සකුගේ නම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ළඟදීම යොමු කරන බව රජයේ ප්‍රකාශකයෙක්  ලංකාදීපයට පැවැසීය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කටුනායකට පැමිණි ගුවන් යානයක් මත්තලට හරවා යැවෙයි . . .

Sat Apr 29 , 2023
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ (28) පස්වරු 04.00 සිට ඇදහැලුනු තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා, කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ . ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x