කටුනායකට පැමිණි ගුවන් යානයක් මත්තලට හරවා යැවෙයි . . .

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ (28) පස්වරු 04.00 සිට ඇදහැලුනු තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා, කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ මෙම ගුවන් යානය, මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටින අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය ඊයේ (28) පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බාස්වා තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විනෝදයට ඇති කළ පරෙවියන් මරා පුළුස්සා කයි . . .

Sat Apr 29 , 2023
විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබුණි. මෙම සිදුවීම වාර්තා වී තිබුණේ අලුත්ගම දර්ගා නගරයෙනි. අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x