ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඉහළ අහසේදී කැඩෙයි . . .

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී මඳ වේලාවකට පසු කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ආපසු කටුනායක ගුවන්තොටට ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මඟීන් 201ක් සමග ගමන් කරමින් තිබූ යානය, ගුවන් ගතවී විනාඩි දහයකට පසු කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගුවන්යානයේ නියමුවන් නැවතත් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇති බවයි පැවසෙන්නේ.

යානය ආපසු කටුනායකට හරවා ඒමට කටයුතු කර ඇත්තේ, අලුත්වැඩියාවට විදේශ රටකට ගොස් යාමේදී විශාල මුදල් ප්‍රමාණයක් වැයවීම නිසයි.

මේ වන විට යානය කටුනායක ගුවන්තොටුපළේ, අංගනයේ අලුත් වැඩියා කරමින් තිබෙන බව වාර්තා වේ.

යානයේ සිටි මගින් වෙනත් ගුවන් යානාවලින් තම ගමනාන්ත වෙත පිටත් කර යැවීමට ද කටයුතු කර ඇති බවයි ගුවන් තොටුපොල ආරංචිමාර්ග පවසයි.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රහස් පොලිසිය කෙහෙලියගෙන් ප‍්‍රශ්ණ කිරීමට නියමිතයි . . .

Thu Dec 21 , 2023
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කර බෙදා හරිමින් රජයට විශාල මුල්‍ය අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශන වලට අදාළවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x