විමල්ගේ පොත රනිල් ඉල්ලයි . . .

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෑතක දී එළිදක්වන ලද කෘතිය තමන්ද කියවීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.

ඒ ජනාධිපතිවරයා මුණ ගැසීමට පැමිණ සිටි ඇමතිවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සමඟයි. පසුගිය වසරේ ජූලි 9දා සහ ඒ ආසන්න කාලයේ දී කොළඹ ඇමරිකානු තානාපතිනිය අරගලය සදහා දැක්වූ මැදිහත්වීම පිළිබඳව විමල් වීරවංශ  කරන ලද ප්‍රකාශයන් ආන්දෝලනයට ලක්ව ඇතැයි එහිදී අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන් සත්‍යයක් බව බොහෝ දෙනා සිතන බවත් මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ. කෙසේ වෙතත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසා ඇත්තේ ඇමරිකානු තානාපතිනිය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෘතියේ කරුණු අසත්‍ය බවට නිවේදන නිකුත් කර ඇති බවයි.

තමන් ද මෙම පොත රැගෙන කියවා බැලිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මව්වරුන් අතහැර දමා යන බිළිඳුන්ට රැකවරණ මධ්‍යස්ථාන . . .

Sat Apr 29 , 2023
මව්වරුන් විසින් අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට විශේෂ රැස්වීමක් පසුගියදා (26) පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබුවා. ඒ අනුව බිළිඳන් රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 339 ක කවුලු ස්ථාපිත කිරීම සහ පවත්නා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x