ඉන්දියන් බිත්තර සාමාන්‍ය වෙළෙඳපොළට . . .

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපළේ අලෙවි කිරීම සඳහා අවසර දෙන ලෙස බිත්තර අලෙවිකරුවන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව මෙතෙක් අවධානය යොමු කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

දැනට වෙළෙඳපළේ පවතින බිත්තර හිඟය සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් බිත්තර ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තීන්දු තීරණ රැසක් පසුගිය දා ගනු ලැබ තිබේ.

මෙරට බිත්තර හිඟය තුරන් කිරීමට නම් දැනට රජය විසින් පනවා තිබෙන බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙස ත් සත්වාහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු හිඟය තුරන් කිරීම මෙන් ම සහල් ස ආහාර සඳහා යොදා ගැනීමට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ත් එම කර්මාන්තකරුවෝ ඉල්ලීමක් කළහ.

බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර දින 15ක් තුළ රට පුරා බිත්තර සුලභ කරන බව ත් එසේ නොවුණහොත් රජය විසින් ගන්නා කවර තීරණයකට වුවත් එකඟ වන බව ත් බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත.

ඔවුන් ඉදිරිපත් කළ කරුණු අනුව බිත්තර සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බව ත් සත්ව සඳහා සහල් යොදා ගැනීමට දැනට පනවා ඇති තහනම ඉවත් කිරීමට ත් පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

එමෙන් ම, බිත්තර ආනයනය කිරීම නොනවත්වන බව සදහන් කළ අමාත්‍යවරයා බිත්තර හා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙළෙඳපළට හිඟයකින් තොරව බිත්තර සැපයීමට පියවර ගන්නා තෙක් බිත්තර ආනයනය කිරීම සිදු කරන බව ද සඳහන් කළේ ය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කුකුළු කර්මාන්තය සඳහා මව් සතුන් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දීම, බිත්තර හා කුකුළු මස් කර්මාන්තය නැංවීමේ සමස්ත වගකීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉටු කළ යුතු බව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය වී ඇත.

දැනට බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 36ක් වන අතර එම නිසා තමන්ට ලාභයක් තබා ගෙන අඩු මුදලකට බිත්තර ජනතාවට ලබා දීමට එම කර්මාන්තකරුවන්ට හැකියාව ඇති බව ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

මෙහිදී අදහස් පළ කළ මහින්ද අමරවීර මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය නංවාලීම සඳහා රජයේ වැඩපිළිවෙළට බිත්තර හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්, කුකුළු පැටවුන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තකරුවන් මෙන් ම එම නිෂ්පාදන බෙදාහරින්නන් හා අලෙවිකරුවන් නිසි සහයෝගය පළ නොකළහොත් මෙම වසර තුළ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය මුළුමනින් ම බිඳ වැටිමට ලක් වෙනු ඇතැයි පවසා තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වැටුප නොලැබෙන්නේ නම් වහාම දැනුම් දෙන්න . . .

Sun Apr 30 , 2023
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම්, ඒ පිළිබඳව සිය අමාත්‍යංශය දැනුවත් කරන්නැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දීමක් සිදුකර තිබෙනවා. කැබිනට් අනුමැතිය පරිදි මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත්, නිසි පරිදි වැටුප් නොලැබෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x