ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුද ඉල්ලයි . . .

ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ බාධාවකින් තොරව මසුන් මැරීම සඳහා අවසරයක් සීමිත කාලයට ලබාදෙන ලෙස තමිල්නාඩු ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමති වරයාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මසුන් මැරීමේ තහනම නිසා ඉන්දීය ධීවරයන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත ඇති නිසා ඊට සහනයක් ලෙස මෙම ඉල්ලීම කරන බවද ධීවර සංගම් සඳහන් කරයි.

ඒ හේතුවෙන් වහාම ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර එම ඉල්ලීමට අවස්ථාව ලබාදිය යුතු බවද ඔවුන් සඳහන් කර තිබේ.

ඉන්දියානු සාගරය තුළ මසුන් අභිජනනය වීම සඳහා වසරකට මාස දෙකක කාලයක් ඉන්දියාවේ ධීවරයන්ට මසුන් මැරීම ඉන්දීය රජය විසින් තහනම් කරන අතර මේ දිනවල එම තහනම ක්‍රියාත්මක ය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගබ්සා පෙත්තට ජපානයේ අනුමැතිය . . .

Tue May 2 , 2023
ලොව වෛද්‍ය විද්‍යාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගබ්සා පෙත්තට ජපාන රජය අනුමැතිය දී තිබෙනවා. නමුත් එය ශරීරගත කළ හැක්කේ කාන්තාව ගැබ්ගෙන සති 9ක් ඇතුළත පමණක් බවත්, එම කාලසීමාව ඉක්මවා ගිය කල්හි ගබ්සා පෙත්ත භාවිතයට නීතියෙන් අවසර හිමි නොවන බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ලයින් ෆර්මා වෛද්‍ය රසායනාගාරයේ නිෂ්පාදනයක් වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x