සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන  නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාගේ මුදල් ගනුදෙනු  අන්තර්ජාලය හරහා මෙහෙය වූ පරිගණක ඉංජිනේරුවෙකු  අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව  පොලීසිය  පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචි  (33) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි . මොහු පරිගණක විද්‍යාව පිළිබඳව ඉංජිනේරුවරයකු […]

මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනය කොට පැමිණිලිකාර රෝහණ වීරසිංහ සංගීතවත් කළ “මේ බජාර් එකට මල්ලී” නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය වල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු  අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ”ඇඩ්ර්ස් නෑ” චිත්‍රපටය සඳහා රචනා කළ ”මේ […]

නිවාසවලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගත් බව කියමින් කතලුව දුම්රිය ස්ථානය අසලදී  අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අත් විලංගු දමා යතුරු පැදියකින් අහංගම පොලිස්ථානය වෙත රැගෙන එමින් සිටියදී යතුරු පැදිය පෙරැළීමට සලස්වා පසුව මුහුදට පැන පිහිනා පලා ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. පසුව පලාගිය සැකකරු කොක්ගල පාලම අසල පිහිටි කාන්තාවකගේ […]

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා  වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. අදාල  වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීය. ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයන කිරීම මගින් සංවර්ධන කර්මාන්ත  කරුවන්ට සාධාරණ මිලකට ඒවා ලබාදීමට […]

ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන්  ලිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවය කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් මාර්තු මස   දි   මෙම සිද්ධිය සිදුව ඇති අතර  රාත්‍රී කාලයේ  ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී කිසිවකු විසින් එය සූරා  […]

වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අය කරනු ලබන දඩ මුදල අඩු කිරිමට අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් ය. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම […]

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලකා නොහොත් ලක්මාල් වීරසිරිගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, පසුගිය දිනෙක නතාෂා එදිරිසූරිය විසින් සිදු කළ “මෝඩාභිමානය”වැඩසටහනට ලකා සහ සිකා සහභාගී වී තිබීම නිසා මේ වන විට ඔවුන්ට සහ ඔවුන්ගේ පවුලේ පිරිසට විවිධ පාර්ශව වලින් චෝදනා සහ තර්ජන එල්ල වීම හේතුවෙන්. […]

යූරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව ජූනි 15 වනදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බවයි අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේ, ඉදිරි සති දෙක ඇතුළත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී […]

නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන  යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන […]

වව්නියාව අලගල්ල ප්‍රදේශයේ පිහිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලිය වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් සිටියදී හමු වූ බවට වව්නියා විදුලි කාර්මිකයින් පවසා සිටිති. උකුස්සාට විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයෙකුගේ කොටස්ද තිබියදී හමුවී ඇති අතර එම සර්පය නාගයෙකු වියහැකි බවට විදුලි කාර්මික නිලධාරීන් සැකපල කර සිටියහ. උකුස්සා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.