නාගයා ඩැහැගත් යෝධ උකුස්සා විදුලිසැර වැදී මරුට . . .

වව්නියාව අලගල්ල ප්‍රදේශයේ පිහිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක අධිබලැති විදුලිය වැදිමෙන් යෝධ උකුස්සකු මියගොස් සිටියදී හමු වූ බවට වව්නියා විදුලි කාර්මිකයින් පවසා සිටිති.

උකුස්සාට විදුලිසැර වැදී මියගොස් වැටී සිටියදී උකුස්සාගේ පාදවල සහ මුඛයේ මිය ගිය සර්පයෙකුගේ කොටස්ද තිබියදී හමුවී ඇති අතර එම සර්පය නාගයෙකු වියහැකි බවට විදුලි කාර්මික නිලධාරීන් සැකපල කර සිටියහ.

උකුස්සා නාගයා ඩැහැගැනීමෙන් පසුව නාගය ආහාරයට ගැනීම සඳහා ට්‍රාන්ෆෝමරයේ වැසීමෙන් පසුව කිසියම් හේතුවකට උකුස්සාට විදුලිසැර වැදී ඇති බවටද විදුලි කාර්මික නිලධාරීන් වැඩිදුරටත් පවසා සිටියහ.

මියගොස් සිටි උකුස්සා පියාපත් විහිදූ විට අඩි 4 කටත් වඩා විශාල බවටද මෙවැනි විශාල උකුස්සන් අවට පරිසරයෙන් දැකගත හැක්කේ ඉතා කලාතුරකින් බවටද ප්‍රදේශවාසීණ් පවසා සිටියහ.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නතාෂාට ප්‍රචාරයක් දුන් බෘෘනෝ අත්අඩංගුවට . . .

Wed May 31 , 2023
නතාෂා එදිරිසුරිය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් කළ ප්‍රහසන වැඩසටහන  යු ටියුබ් නාලිකාවට ඔස්සේ අන්තර් ජාලයට මුදා හරිමින් ඇයට ආධාර අනුබල ලබා දුන් බව කියන සමාජ ක්‍රියාකාරිකයකු වු බෲනෝ දිවාකර අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාල පුද්ගලයා ආගමික නිදහසට හානි වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x