මහ දවාලේ සිදුකල බිහිසුණු මංකොල්ලය . . .

ඊයේ (01) දහවල් ගල්කිස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුව කොල්ලකා ඇත. එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් අදාළ සැකකරුවන් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5ක් සහ 7ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1ක් සහ පවුම් 1/2ක් බර සුර දෙකක් ද ඇති බවය.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, එම අවස්ථාවේදී වෙළෙඳසැලේ සේවකයින් 08 දෙනෙකු පමණ සිට ඇති අතර එකවරම වෙළෙඳසැල තුළට ඇතුළුවී ඇති කොල්ලකරුවන් ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක් තබා කොල්ලය සිදුකර ඇති බවයි.

ඔවුන් පැමිණ තිබෙන්නේ කොළ පැහැති ත්‍රිරෝද රථයකිනි.  වැඩිදුරටත් හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයා සතු රන්භාණ්ඩ කොල්ලකෑමෙන් පසු සැකකරුවන් පළායෑමට සූදානම් වී නැවතත් පැමිණ කවුන්ටරයේ තිබූ මුදල් ද රැගෙන පළාගොස් තිබූ බවය.

සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය ඔස්සේ විමර්ශනය සිදුකළ පොලීසියට අනාවරණය වී ඇත්තේ අදාළ ත්‍රීරෝද රථය මීට දින කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවටය. සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනාව මේ වනවිටත් හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාරාන්තික කැස්ස පැණියක් හමුවෙයි . . .

Tue May 2 , 2023
ඉන්දියාවේ නිෂ්පාදිත විෂකාරක අඩංගු කැස්ස පැණි බෝතල් තොගයක් ඕෂනියා රාජ්‍යයක් වන මාෂල් දූපත් සමූහයෙන් සහ මයික්‍රොනීසියා රාජ්‍යයෙන් හමුවී ඇති බව වාර්තා වනවා. Guaifenesin TG නමැති මෙම කැස්ස පැණි සාම්පල පරීක්ෂා කිරීමේදී එහි අනුමත කළ නොහැකි ඩයිත්ලේන් ග්ලයිකෝල් සහ එතිලේන් ග්ලයිකෝල් විෂකාරක තිබූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත්තේ. BBC […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x