අධිවේගී මාර්ගයේ බිහිසුණු රිය අනතුරක් . . .

 

එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටී වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8 දශම 4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී අද( 7) දහවල් එකිනෙක ගැටී පෙරළීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී  රථවාහන පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයෙකු කාන්තාවන්  තිදෙනෙකු සහ කුඩා දැරියක වන බව පොලිසිය කියයි. රියදුරු සුළු තුවාල ලබා බේරී ඇත.ඔවුන් වයස අවුරුදු   08 , 31   39 ,70 හා 72 අතර පසුවන්නන් ය

තුවාල ලද   එකම පවුලේ පිරිස මාතර ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යළි අත්තනගල්ල ගම් ප්‍රදේශයේ කරා වෑන් රථයෙන් යමින්  සිටියදී මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් මෝටර් රථයක් වෑන් රථයේ පිටුපස ගැටී  අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

මෝටර් රථය වෑන් රථය ගැටීමක් සමගම වෑන්  රථය වට තුනක් කැරකී ගොස් වම් පස යකඩ වැටේ ගැටී පෙරළී ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථය වැටේ ගැටීමත් සමඟම ඒ තුළ සිටි වයස අවුරුදු 8 ක කුඩා දැරියක ජනේලෙන් පිටතට විසි වී ඇති අතර කාන්තාවක් ද  පිටතට විසි වී වු බව අනතුර සියැසින් දුටු ඊට පිටුපසින් එම දිසාවටම ධාවනය වූ මෝටර් රථයක රියදුරෙක් පැවසීය.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වෙසක් පෝදා බූරු ගැසූ ආදිවාසීන් අත්අඩංගුවට . . .

Sun May 7 , 2023
දලුකාන ආදිවාසී ගම්මානයේ ආදිවාසීන් පිරිසක් වෙසක් පෝදා සූදු ක‍්‍රිඩාවේ යෙදී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මනම්පිටිය පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු වන බවයි. තවත් පිරිසක් පලාගිය බවද පොලිසිය සඳහන් කළේය. මොවුන් සූදු කෙලියේ නිරත වී ඇත්තේ රජයෙන් ලැබෙන සහනාධාර විකුණා එම මුදලින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x