‘එක්ස්ප්‍රස් පර්ල්’ නඩුව සිංගප්පූරුවේදී අද කැඳවයි . . .

ආන්දෝලනයට තුඩුදුන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගෙන විනාශ වීමෙන් පරිසර වූ හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව පළමු වරට අද (9) කැඳවන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

සිංගප්පුරු මහාධිකරණයේ මෙම නඩුව පවරා ඇති බවත් එහිදී පැමිණිළිකාර ශ්‍රී ලංකාව වෙනුවෙන් නීතිඥා සමාගම් පෙනී සිටින බවත් එම අමාත්‍යංශය කියයි.

එම නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකාවට වූ හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 26 වැනිදා සිංගප්පූරුවේදී නඩු පැවරීය.

සිංගප්පූරු සමාගමට අයිති එම නෞකාව 2021 මැයි 20 වැනිදා කොළඹ වරායට ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ විය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනක රත්නායක ඉවත් කෙරේ . . .

Tue May 9 , 2023
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x