රෝසිට ජනාධිපති උපදේශක තනතුරක් . . .

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක ට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී තිබේ. ඇයට ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරයයි.

මෙය ලබා දී ඇත්තේ ගරු තනතුරක් ලෙස වන අතර එම තනතුරට වැටුප් නොලැබෙන අතර ප්‍රවාහන පහසුකම් පමණක් සලසනු ලබයි.

තමන් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිතා කළ නිල රථය හා රියදුරු ජනාධිපති කාර්යාලට අනුක්ත කර එය තම ප්‍රවාහන පහසුකම් සඳහා යොදවා දෙන දෙන ලෙසද හිටපු නගරාධිපතිනිය ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව එම රථය හා ඇයගේ හිටපු රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති හිතවතුන්ගේ බොල් ණය . . .

Thu May 25 , 2023
ජනාධිපතිවරයා තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම  (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය. රනිල් වික්‍රමසිංහ ජනපති කිරීමට තමා ඡන්දය දුන් නමුත් ඔහු කරන වැරැදි වැඩවලට එකඟ නැති බවත් හෙතෙම කීය. පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x