ලොතරැයි මිල වැඩි කරයි . . .

ලොතරැයි පතක මිල ලබන ජුලි මස පළවෙනිදා සිට  රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනිමින් සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ ලංකාදීපයට  පැවසීය.

ඒ අනුව රුපියල් විස්සක ලොතරැයි පතක් දෙගුණයකින් වැඩිවනු ඇත. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ බව සනාථ කර සිටියේය. මෙම වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇති බවත් එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

මේ අතර ලොතරැයි පත්වල මිල වැඩි කරන්නේ නම් දැනට අලෙවි නියෝජිතයින්ට එක් ලොතරැයි පතක් වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් 3. 75 ක කොමිස් මුදල රුපියල් 8 දක්වා වැඩි කළ යුතු බවද ක්‍රිෂාන්ත පෙන්වා දුන්නේය.

කොමිස් මුදල රුපියල් අට දක්වා වැඩි නොකරන්නේ නම් ලොතරැයි පත් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවන බව ද ඔහු පවසයි.

ලොතරැයි පත්වල මිල වැඩි කිරීමට තම සංගමය විරෝධය පළ කරන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

මිල වැඩි කිරීමට ලොතරැයිපත් මිලදී ගන්නා ඇය තුළ ද විරෝධයක් පවතින බව ඔවුන් හා කළ කතාබස් කතා බහේදී පෙනී යන්නේ යැයි ක්‍රිශාන්ත වැඩිදුරටත් කීය.

  • මහින්ද නිශ්ශංක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පුංචි ඡන්දයේ නාම යෝජනා අවලංගුවේ . . .

Mon Jun 12 , 2023
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් අඟහරුවාදා (06) පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x