බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු . . .

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 1,663ක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම දෙපාර්තමේන්තුවට සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 7,872 කි. එහෙත් දැනට සේවය කරනු ලබන්නේ සේවකයින් 6,209 ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එම කරුණු අනාවරණ වුණේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.

එහිදී එම කාරකසභාව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත්තේ සමස්ථ සේවක සංඛ්‍යාවේ වැඩි වීමක් අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ සැලසුම් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමේ පිළිකා අවදානම වැඩි වෙයි . . .

Thu Jun 15 , 2023
ශ්‍රී ලාංකියන් අතර මෑතක සිට සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකිය හැකි බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පැවසුවාය. ශ්‍රී ලාංකිකයන්ගේ සමේ වර්ණයත් සමඟ මෙලනීන්වලින් ඇති වන ආරක්‍ෂාව නිසා ස්භාවධර්මයෙන්ම සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අඩු බවත් එය එසේ වුවද මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x