විමල් වීරවංශට වරෙන්තු නියෝගයක් . . .

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

ඔහුට ප‍්‍රධාන විත්තිකරු වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කරන ලදී.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට 2016 වසරේදී සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරමින් මෙම නඩු කටයුත්ත පැවැත්වෙයි.

විනිසුරුවරයා තව දුරටත් කියා සිටියේ මෙම නඩු කටයුත්ත විභාගයට ගන්නා සෑම දිනකම විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටිමෙන් කිසිදාක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

ඒ අනුව සියලු දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර නඩු ඇසීමට සිදු වනු ඇතැයිද විනිසුරු කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොලිස්පති ගෙදර යයි . . .

Mon Jun 19 , 2023
මාස තුනක සේවා දිගුව අවසන් වීමත් සමඟ පොලිස්පති සී ඩී වික්‍රමරත්නගේ සේවා කාලය එළැඹෙන 26 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ. පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට සිටි ඔහුට රජය විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දෙන ලදී. මේ වනවිට මීළඟ පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, අජිත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x