ගෙවල් සිහිනය බොඳ කල අන්තර්ජාල සමාගම . . .

නිවාස ඉදිකිරීම, ඉඩම් මිලදී ගැනීම, ඉතා සහන මිලට සිදු කර දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළකර රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය මාලබේ ප්‍රදේශයේ ස්ථානයක් ගනුදෙනුකරුවෝ පිරිසක් විසින් වටලනු ලැබූහ.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා දැන්වීමක් පළ කර තිබුණේ ඉතා සහන මිලට නව නිවසක් ඉදිකර දෙන බවත්, අලුතින් ඉඩමක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බවත්ය. එසේ අලෙවි කරන ඉඩම් සහ නිවාස රුපියල් කෝටියත් කෝටි දෙකත් අතර මුදලකට අලෙවි වන බව දන්වා තිබුණි .

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් නව නිවසක් ඉදි කරවා ගැනීමට හා අලුතින් ඉඩමක් මිලදී ගැනීමට මෙම ආයතනයට පැමිණ ලබාදුන් උපදෙස්වලට අනුව රුපියල් ලක්ෂ ,10, 20, 35, 48 සහ 50 ආදී වශයෙන් අත්තිකාරම් මුදල් ලබා දී ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව අදාළ ගනුදෙනුව සම්පුර්ණ කිරීම සඳහා ඉකුත් ජුනි මස 22 දාට පෙර ඉතිරි මුදල් ගෙවා දමන ලෙසට ද ආයතනය ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබූ අතර ඒ අනුව ඉතිරි මුදල් සියල්ල ඉකුත් 22 දා ට පෙර ගෙවා දමා තිබූ බව ගනුදෙනුකරුවෝ පවසති.

එහෙත් දින දහයක් ඉක්ම ගොස් ඇතත් බලාපොරොත්තු වූ ඉඩම හෝ නිවස යලි ලබා නොදීම නිසා ගනුදෙනුකරුවන් 50කට ආසන්න පිරිසක් මාලඹේ ප්‍රදේශයේ අදාල සමාගම පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණ තිබේ.

ඒ පැමිණෙන අවස්ථාවේදී දක්නට ලැබී තිබුණේ එම කාර්යාලය සියලු බඩුබාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බවයි. මීට අමතරව මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා දී තිබූ එකක් බවට ගේට්ටුවෙ දැන්වීමක් ද ප්‍රදර්ශනය කර තිබුණි .

ඒ අනුව ගනුදෙනුකරුවන් කලබල වීමත් සමග තරමක උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි .

පසුව සිදුකළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම සමාගම ව්‍යාජ නම් කිහිපයකින් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි සේවය කළ කාර්ය මණ්ඩලය නම් කිහිපයකින් පෙනී සිට ඇති බවත්ය.

  • ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රේගුවෙන් කතානායකට වාර්තාවක් . . .

Mon Jul 3 , 2023
රුපියල් කෝටි අටක් පමණ වටිනා රත්රන් සහ ජංගම දුරකතන ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධීව  රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවී දඩයක් නියම කෙරුණු  පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සම්පූර්ණ වාර්තාවක් ලබාදී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය. එම වාර්තාව මීළඟ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තීරණයක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x