වාහන හැර සියලුම ආනයන තහනම් ඉවතට . . .

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.

රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහනම් මේ වන විට ක්‍රියාත්මක වෙයි. ආනයන තහනම් ඉවත් කිරීම සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් සිදුකිරිමට නියමිතව තිබේ.

ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ. පළමුව ඉලෙක්ට්‍රික් වාහන ආනයන තහංචි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෘතිම වෙරළ ජනතාවට විවෘත වෙයි . . .

Sat Jul 15 , 2023
අද (15) කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය විවෘත කෙරුණි. මෙම කෘතීම වෙරළ තීරය අද (15) සිට නොමිලේ නැරඹීම සඳහා මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව කෘත්‍රීම වෙරළ තීරයේ දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකිය. මෙම වෙරළ තීරය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x