ලෝකෙටම තුනයි . . .

ශ්‍රී ලංකා රුපියල් කෝටි 918 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 28) වටිනා රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය ප්‍රථම වරට ඩුබායි හි මාර්ගයක ධාවනය වන අයුරු පසුගිය ද කැමරා ඇසට හසුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සාගර නිල් වර්ණයෙන් ගනුදෙනුකරුගේ ඇණවුමට අනුව තැනූ රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය එම සන්නාමයට පක්ෂපාතී මැද පෙරදිග පාරිභෝගිකයකු මිලදී ගෙන ඇතත් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

ඇමරිකානු සංගීත යුවලක් වන ජේ.සී සහ බියොන්සේ මෙම රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් තුන්දෙනාගෙන් එක් අයකු බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.

මෙම මාදිලිය ප්‍රකාශයට පත් කර වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ප්‍රථම වරට මෙම මෝටර් රථය මිලදී ගැනීමට පාරිභෝගිකයන් තුන් දෙනකු ඉදිරිපත් වී ඇති අතර එම පාරිභෝගිකයන්ගේ අනන්‍යතාවය රහසක් ලෙස තබා ගැනීමට රෝල්ස් රොයිස් සමාගම කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය බෝට්ටු සහ නාවික ක්ෂේත්‍රයට අවශ්‍ය වූ සියල්ලෙන් අභාෂය ලබා ගෙන ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත්, හැදුනුම්පත් රැසක් හමුවෙයි . . .

Mon Jul 24 , 2023
ගාල්ල ඔරොප්පුවත්ත පිහිටි නගර සභා ගොඩනැගිල්ලක වහලයේ තිබි හිස් මුදල් පසුම්බි රැසක් , ජාතික හැඳුනුම්පත් තොගයක්සහ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක්ද නගර සභා සේවකයින් විසින් සොයාගෙන පොලිසියට බාරදි තිබේ. නගර සභා සේවකයින් විසින් ඒම ගොඩනැගිල්ලේ වහලය මත තිබෙන අතහැර දමා තිබෙන ජල ටැංකියක තිබු ගසක් ඉවත් කිරිමට යාමේදි මෙම හිස් පසුම්බි  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x