අවුරුදු තුනේ දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තියයි . . .

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු තුනක දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස (06) දින ඉදිරිපත් වි තිබේ.

සෙන්තුල් කුමාර් භවිෂනා (03) නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරූප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩියයි තත්පර 06 කින් නම් කර එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් පැවසිය.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බව දැරියගේ පියා කියා සිටියේය.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත්, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බවත් සෙන්තුල් කුමාර් කියා සිටියේය.

මෙම දැරිය ජාත්‍යන්තර වාර්තාවක් තැබිම සම්බන්ධයෙන් කොටගල වෙළද සංගමයේ සභාපති විශ්වනාත් පුෂ්පා ඇතුළු වෙළද සංගමයේ සමාජිකයන් ඇයගේ නිවස වෙත ගොස් එම දැරියට උපහාර දැක්විමක්ද සිදු කෙරිණ.

  • රංජිත් රාජපක්ෂ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ට්විටර් ලාංඡනය වෙනස් වෙයි . . .

Mon Jul 24 , 2023
ලෝ පතළ ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ සංකේතය වෙනස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එහි නවතම ලාංඡනය වන්නේ X අකුරයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නිල ලාංඡනය වූයේ නිල් පැහැති පක්ෂියෙකි. ට්විටර් සමාගමේ මෙම නව සංශෝධනයත් සමග බොහෝ ගිණුම්වල නිල ලාංඡනය X ලෙස වෙනස් වී තිබේ.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x