ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳ පරීක්ෂණයක් . . .

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි.  

ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක පවසයි.

ජාත්‍යන්තර අවධානය යොමු වන වැඩසටහනකදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම කනගාටුවට කරුණක් බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පේරාදෙණිය අධ්‍යයන කටයුතුවලට බාධා . . .

Mon Jul 31 , 2023
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලු සහගත වී ඇති බව විශ්ව විද්‍යාලයීය අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි. 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් 70කට අධික පිරිසක් රට හැරගොස් ඇතැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x