ව්‍යාජ රන් භාණ්ඩ බැංකුවලට උකස් කළ 4ක් අත්අඩංගුවට . . .

ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනය කර බැංකුවලට උකසට තබන කණ්ඩායමක සිව්දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෛන තිබේ.

පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසුවේ පුත්තලම නගරයේ ඇති රජයේ බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකිරීමේදී මෙම ව්‍යාජ රත්තරං නිෂ්පාදනාගාරය සොයා ගැනීමට හැකි වූ බවයි.

සැකකරුවන් ටන්ස්ටන් ලෝහය උපයෝගි කරගෙන එයට රන් අලේප කර එය පුත්තලම නගරයේ ඇති බැංකු රැසකට උකස් කර ඇත.

එම බැංකු වලින් ලක්ෂ ගණන් මුදල් ලබා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත.

පුත්තලම නගරයේ රජයේ බැංකුවකට ඊයේ (05) උදෑසන මෙලෙස ව්‍යාජ ලෙස සාදන ලද මුද්දක් උකස් කිරීමට යාමේදී බැංකු නිලධාරින්ට සැක සිතී පුත්තලම පොලිසයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කර තිබේ.

එහිදී පුත්තලම සින්නනාගවිල්ළුව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ රත්‍රන් නිශ්පාදනාගාරය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම සිරම්බිඅඩිය , මනගුන්ඩුව යන ප්‍රදේශවල පදංචිකරුවන් වෙයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමනල වැව සිඳී කිංචිගුණේ චෛත්‍යය මතු වෙයි . . .

Sun Aug 6 , 2023
බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සමනල වැවේ ජලය විශාල වශයෙන් අඩු වී තිබේ. සමනල වැව ලංකාවේ ඉතා සුන්දර ජලාශයක් වන අතර, 1987 වැඩ ආරම්භ වී 1991 පමණ වැඩ නිම කර විවෘත කෙරිණි. සමනල වැව ඉදිකිරීමේදී පෞරාණික කිංචිගුණේ ගම්මානය ද වැව් ජලයට යට වී තිබුණු අතර, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x