රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් . . .

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා. 

මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් වැටුප්, වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කල යුතු බව, ලබන වසර සඳහා වන අය වැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාව නිකුත් කරමින් ඔහු සඳහන් කලේ.

රථවාහන මිලදී ගැනීම් සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ මිලදී ගැනීම් ලබන වසරේ දී සීමා කරන බවද ඔහු පවසනවා.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, දේශීය පුහුණුවීම් සඳහා අදාළ ප්‍රතිපාදන ඇතුළත් කළ යුත්තේ, චක්‍රලේඛ මඟින් එවැනි පුහුණුවීම් නියමකර ඇත්නම් පමණක් බවයි.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිධන් හාරමින් සිටි රජයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට . . .

Tue Aug 15 , 2023
හක්මන ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි ආර්ථික සංවර්ධන නිලධාරියෙකු හා බැංකු සේවකයෙකු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු සහ ඒ සඳහා යොදා ගත් උපකරණ සමඟ ඊයේ (14) හක්මණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හක්මණ පොලිසියට ලද තොරතුරක් අනුව නරවැල්පිට උතුර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා. පොලිසිය පවසන්නේ, සැකකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x