මැදිවයසේ පුද්ගලයින්ට හෘදයාබාධ වැලඳීමේ දැඩි අවදානමක් . . .

වයස අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට 2021 වසරේ සිට ක්‍රමානුකූලව හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බව ඔවුන් පෙන්වාදෙති.

ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් වාර්තා වන බවද වෛද්‍යවරු පවසති. ඇතැම් රෝහල්වලට මාසිකව හෘදයාබාධ වැළඳුණු රෝගීන් 10ත් 15ත් අතර පිරිසක් පැමිණෙන බව වාර්සතාවල ඳහන්ය. ඔවුන්ගෙන් 90%ක් පමණ පිරිමි පුද්ගලයින් වීමද විශේෂත්වයකි.

වෛද්‍යවරු පෙන්වාදෙන්නේ, ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිවීම, ව්‍යායාම නොකිරීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය වැනි හේතූන් හෘදයාබාධ වැළඳීමට හේතුවන බවයි.

කෙසේවෙතත් හෘදයාබාධ වැළඳෙන රෝගීන් ඉහළ යාමට නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වාදෙති.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

WhatsApp නව විශේෂාංගයක් හදුන්වා දෙයි . . .

Mon Aug 21 , 2023
WhatsApp මිතුරන්ට සහ පවුලේ අයට ඡායාරූප යැවීමේ වැඩිදියුණු ක්‍රමයක් ලබා දෙන නව විශේෂාංගයක් දියත් කරන බව නිවේදනය කරයි. ඔබගේ iPhone හෝ Android උපාංගයේ WhatsApp තිබේ නම්, එය දැන් දියත් කර ඇති විශ්මය ජනක නව විශේෂාංගයක් සඳහා බලා සිටීම වටී. දැන් Meta සතු ජනප්‍රිය කතාබස් යෙදුම, එහි බිලියන ගණනක් පරිශීලකයින්ට වැඩිදියුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x