ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට . . .

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

ඉන්දියාවේ බැංගලෝර් සිට SpiceJet විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක වෙත පැමිණ තිබේ.

මේ අතර ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමග දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පැවසීය.

ඔවුන් අද පස්වරුවේ නුවර බලා ගමන්කිරීමට නියමිතව ඇත.

ඉන්දීය කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 02 වනදා පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොරෙන් ඉන්දියාවට පැන්න මගියා . . .

Wed Aug 30 , 2023
ආගමන විගමන නිලධාරීන් අධිකරණ දෙකකින් විදෙස් ගමන් තහනමක් පනවා තිබියදී කටුනායකින් හොර රහසේ පළාගිය පුද්ගලයෙකු යළි කටුනායක වෙත ගෙන්වාගැනීමට සමත්ව තිබේ. මෙලෙස නීතිවිරෝධී ලෙස රටින් පළාගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ දිනයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ මුම්බායි බලා ගමන් ආරම්භ කරන ගුවන් යානය ගුවන්ගතවීමට ආසන්නවීමත් සමග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x