මුහුද යට ඉන්න නැවතුම්පොළක් . . .

මුහුද යට වරකට මාසයකට ආසන්න කාලයක් ජීවත් විය හැකි නැවතුම්පොළක් ඉදිකිරීමට ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් සැලසුම් කර ඇත. වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් මෙම නැවතුම්පොළ ඉදිකිරිමට තීරණය කර තිබේ.

මුහුදේ ඉර එළිය වැටෙන කලාපයේ සිටින සියයට 90 ක් මුහුදු ජීවින් අධ්‍යනය කිරීම සඳහා පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ  යොදා ගැනීමට හැකියාව තිබෙන බව විද්‍යාඥයන් පිරිස පෙන්වා දී ඇත. මතුපිටට පැමිණීමකින් තොරව පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ තුළ වරකට දවස් 28 ක් ජීවත් විය හැකි බව ඩීප් සමාගම පවසා තිබේ.

ඩීප් යනු සාගරය තුළ භාවිත කළ හැකි තාක්ෂණය පිළිබඳ  පර්යේෂණයන් සහ ගවේෂණයන් සිදු කරන සමාගමකි. මුහුද මතුපිට සිට ජීවින් අධ්‍යනය කරනවාට වඩා එම මුහුදු ජීවින් සමඟ ජීවත් වෙමින් අධ්‍යනයන් සිදු කිරීම මගින් මෙතෙක් පර්යේෂණ සිදුකළ ආකාරයේ වෙනසක් සිදු වනු ඇතැයි ඩීප් සමාගම පෙන්වා දී ඇත.
මෙම නවාතැන්පොළ 2027 වසර වනවිට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඩීප් සමාගම පවසා තිබේ.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොදු වැසිකිළි ගාස්තු ඉහළට . . .

Thu Sep 7 , 2023
පොදු වැසිකිළිය භාවිතය සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වරකට එක් අයකුගෙන් රුපියල් 100ක මුදලක් අය කෙරන බව වාර්තා වේ. ජනතාව ප්‍රකාශ කරන්නේ, මේ හේතුවෙන් පුද්ගලයන් ආර්ථික මධ්‍යස්ථානය අවට ප්‍රදේශවල මුත්‍ර කිරීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ද මතු ව ඇති බවයි මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ මට්ටමක පවතින බව ද සඳහන් අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x