ජපාන භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 48 දක්වා ඉහළට . . .

ජපානයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ, භූ කම්පනය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පුද්ගලයන් 1000ක පමණ දිවි බේරාගෙන ඇති බව ත් සුන්බුන් අතර සිර වී සිටින පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරට ත් සිදු කරමින් ඇති බව ත් ය.

අවතැන් වූ පුද්ගලයන් සඳහා ආහාර, ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම ජපාන හමුදාව මගින් සිදු කෙරේ.

මේ වන විට ජපානයට බලපෑ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

18ට වැඩි අය බදු අංකය ලබා ගන්න විදිය මෙන්න . . .

Tue Jan 2 , 2024
වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු අංක සඳහා ලියාපදිංචි කරවීම මේ වනවිට ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අදාළ අයදුම්පත තම වෙබ්අඩියට පිවිසීමෙන් පිරවිය හැකි බවයි. තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 1,200,000කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙකු බදු ගොනුවක් විවෘත කළ යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x