18ට වැඩි අය බදු අංකය ලබා ගන්න විදිය මෙන්න . . .

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් බදු අංක සඳහා ලියාපදිංචි කරවීම මේ වනවිට ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අදාළ අයදුම්පත තම වෙබ්අඩියට පිවිසීමෙන් පිරවිය හැකි බවයි.

තක්සේරු වර්ෂයක් සඳහා රුපියල් 1,200,000කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙකු බදු ගොනුවක් විවෘත කළ යුතු වේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ තක්සේරු වර්ෂයක් ලෙස සැලකෙන්නේ, වසරේ මාර්තු 31 දක්වා වන කාලය බවයි.

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රුපියල් 50,000ක දඩයකට යටත් කෙරෙන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙලෙස ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරන බවටයි පැවසෙන්නේ.

ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න,

  • Aruna


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොදු වැසිකිළි ගාස්තුවත් ඉහළට . . .

Tue Jan 2 , 2024
ජල බිල්පත් වැඩිවීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේදී අයකරනු ලබන ගාස්තුද ඉහළ දමා තිබේ. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකළ ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා තිබේ. ඒ අනුව මීට පෙර රුපියල් 20ක් වූ වැසිකිළි ගාස්තුව දැන් රු. 30ක් වී ඇත. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x