පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ආරම්භ කිරීමට නියමිත යාන්ත්‍රණය සදහා සම්පුර්ණ සහය ලබා දීමට ග්‍රාම නිලධාරින් සුදානම් වේ. මෙලෙස උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක […]

වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර තිබේ. මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇත. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු […]

ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ, එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්, වත්කම් හා වාර්තා ගොනු කිරි‍මේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි. ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් […]

ජාතික හැඳුනුම්පත් අංකයම ටින් අංකය (බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය – TIN) ලෙස යොදා ගැනීමට යෝජනාවී ඇතත්, දැනට නිකුත් කර තිබෙන ටින් අංක ලක්ෂ නවයක (900,000) අංක නැවත වෙනස් කිරීමට සිදුවීම නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස යොදා ගැනීමට […]

ටින් අංකය විද්‍යුත් තැපෑලෙන් යැවිය හැකිව තිබියදී ටින් අංකය ඇතුළත් සහතිකය මුද්‍රණය කර තැපෑලෙන් බෙදාහැරීම සඳහා රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත මුදල් අමාත්‍යාංශය විසින් අනුමත කිරීමේ සූදානමක් පවතින බව අනාවරණය වෙයි. මෙරට වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා ටින් (TIN) අංකය ගතයුතු බව රජය නිවේදනය […]

සීනි බදු වංචාවක් සිදුවූ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය. එම පරීක්ෂණයේ ලිපි ගොනු උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට යොමු කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇතැයි ඔහු පැවසීය. එසේ කර ඇත්තේ එම වංචාවට […]

වර්ෂයකට රුපියල් මිලියන 80ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන් ම ලියාපදිංචි විය යුතු බවත් එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයන් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑ ම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන් ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඊයේ (ජන. 17) සවස යටියන්තොට […]

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත පැවසීය. විදෙස් රටක සිටින අයකු ශ්‍රී ලංකාවෙන් යම් ආදායමක් උපයා ගන්නේ නම් (බැංකුවල ස්ථිර තැන්පතුවලින් පොලී ආදායම්, කුලී ආදායම් හෝ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම […]

ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබාගන්නා විටම සියළුම පුරවැසියන්ට බදු අංකයක්ද හිමිවනු ඇති බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන බවද හෙතෙම තවදුරටත් […]

අවුරුදු 18 ට වැඩි සියලු‍ දෙනා දේශීය ආදායම් පනතේ 102 වගන්තිය යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල් අමාත්‍යවරයා 2023 මැයි 31 වැනිදා නිකුත් කළ ගැසට් නිවේනයේ සඳහන් වෙයි. ඒ නියෝගය 2024 ජනවාරි 01වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව ද ඒ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. මුදල් අමාත්‍යවරයා ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.