රට ඉන්න ලාංකිකයන්ට TIN ගැන දැනුම්දීමක් . . .

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත පැවසීය.

විදෙස් රටක සිටින අයකු ශ්‍රී ලංකාවෙන් යම් ආදායමක් උපයා ගන්නේ නම් (බැංකුවල ස්ථිර තැන්පතුවලින් පොලී ආදායම්, කුලී ආදායම් හෝ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම වසරකට රුපියල් ලක්ෂ 12 ඉක්මවන පිරිස) අනිවාර්යයෙන්ම ටින් අංකය ලබාගත යුතු බවද ඔහු කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

ටින් අංකය ලබාගැනීම සඳහා ජනතාව අතර විශාල උනන්දුවක් පවතින බවත් වාහන ලියාපදිංචිය සම්බන්ධව තොරතුරු ලබාගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෝටර් රථ දෙපාර්තමේන්තුව සමග පරිගණක ජාලගත කිරීමට නියමිත බවත් ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා රේගුව සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරිගණක ජාලගතකර තිබෙන බැවින් ආනයන සහ අපනයන සම්බන්ධ සියලු තොරතුරු දෙපාර්තමේන්තුවට ලැබෙන බවද නියෝජ්‍ය කොමසාරිස්වරයා කීවේය.

එලෙස සියලුම ආයතන සමග ජාලගතවීමෙන් සැඟවී සිටින බදු නොගෙවන්නන් හඳුනාගැනීමට හැකි බවද හෙතෙම පැවසුවේය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි . . .

Mon Jan 15 , 2024
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන් යෝජනා අනුව විදුලි ගාස්තු අඩු වන්නේ රුපියලත් රුපියල් තුනයි ශත පනහත් අතර ප්‍රමාණයකින් බව මූලික නිරීක්‍ෂණවලින් හෙළි වී ඇත. යෝජනාව අනුව විදුලි ඒකක තිහට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ට විදුලි ගාස්තුව රුපියල්කින් අඩු කරගත හැකිය. විදුලි ඒකක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x