රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ BMW වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතල රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන්නේ යැයි සඳහන් කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව නව විමර්ශනයක් සිදු කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් සිදු […]

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසීය. වෙනිසියුලානු ජාතිකයකු වන 41 හැවිරිදි අදාළ මගියාගේ සිරුර ස්කෑන් කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින අයුරු හෙළි […]

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් ‘ටින්’ අංකය ලබාගැනීම අනිවාර්ය නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ. සමන් ශාන්ත පැවසීය. විදෙස් රටක සිටින අයකු ශ්‍රී ලංකාවෙන් යම් ආදායමක් උපයා ගන්නේ නම් (බැංකුවල ස්ථිර තැන්පතුවලින් පොලී ආදායම්, කුලී ආදායම් හෝ වෙනත් ආකාරයක ආදායමක් උපයන සහ එම ආදායම […]

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුත්  හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ පැවසීය. සීදූව […]

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි. එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ ඖෂධ ආනයන සමාගම් දහ […]

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා (05) රැස් විය. පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන […]

2023 වසරේ රුපියල් බිලියන 925ක බදු ආදායම් රැස්කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. අද (26) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීවලි අරුක්ගොඩ මෙලෙස පැවසීය, “2017 සිට 2023 දක්වා බිලියන 742ක් අපි එකතු කරලා […]

විදුලි මෝටර් රථ හතක් සඳහා ව්‍යාජ ලිපි ලේඛන සකස් කර තක්සේරුව අඩුවෙන් පෙන්වා මෙරටට ගෙන්වූ බව කියන කණ්ඩායමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. රුපියල් කෝටි ගණනාවක වටිනාකමින් යුක්ත වන මෙම වාහන මේ වන විට රේගු විසින් රඳවාගෙන සිටියි. විමර්ශන කණ්ඩායම් සැක පළ කරන්නේ විදේශයන් හි සිට […]

ඔරුගොඩවත්ත ශ්‍රී ලංකා රේගු පර්යන්තයේ පාර්සලයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි. එහිදී ශ්‍රී ලංකා රේගුවේ සහ වරාය අධිකාරියේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 35ක් සොයාගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 05 ක් ලෙස සකස් කර ඉතාලියේ සිට ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය […]

ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ ප්‍රමාදවී ඇතැයි පැවසෙන්නේ එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.