බෙහෙත් තොග වරායේ හිරවෙලා . . .

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ ඖෂධ ආනයන සමාගම් දහ හතක් මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇති බවයි.

අවශ්‍ය නිර්දේශ නොලැබීම නිසා කොළඹ වරායේ ඖෂධ රැගත් නැව් පහළොවක් සිර වී ඇති බව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

තවත් ඖෂධ නැව් භාණ්ඩ අසූ හතරක් කොළඹ වරායට ළඟා වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද ඖෂධ 129ක් මවු සමාගම්වල සිර වී තිබෙන බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි. මේ නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීමෙන් පාඩුවක් ලබන බවත් ගුදම්වල රඳවා තැබීමෙන් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මතු වන බවද මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

පසුගිය කාලයේ මෙවැනි තත්ත්වයක් උද්ගත නොවූ බවත් වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උද්ගතවිම විසඳීම සඳහා වහාම මැදිහත් වන ලෙස මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

  • උදයජීව ඒකනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලොව කොවිඩ් ආසාදිතයෝ ඉහළ යයි . . .

Sat Dec 23 , 2023
ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව ගත වූ සති 04 තුළ කෝවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් ගොලීය වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි. එමෙන්ම අදාළ කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x